වවුනියාවේ ගෙවත්ත තිබි ටි 56 අවි දෙකක් හා පතුරම් 450 ක් හමුවෙයි.

වවුනියාව මාධව කුලසූරිය.

වවුනියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08) දහවල් හමුව ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ගෙහිමියා ගෙවත්තේ ඉදිකිරීමක් වෙනුවෙන් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වළක් කපන අවස්ථාවේ අදාළ ගිනි අවි හා පතුරම් තොගය දැක ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් ගෙහිමියා වවුනියාව පොලිසිය දැනුවත් කොට ඇති අතර,වවුනියාව පොලිසිය අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී දිරාගිය ගිනි අවි දෙක හා පතුරම් තොගය හමුව තිබිණ.

යුධ සමයේ කිසියම් සංවිධානයක් හෝ ත්‍රස්ත කණ්ඩායමක් අදාළ ගිනි අවි හා පතුරම් වළ දමන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.

සොයාගත් ගිනි අවි දෙක හා පතුරම් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *