වැලිගම තරංග ගුණරත්න
විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුවන තරුණ වරදකරුවන් නිවැරදි පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ” සිතට සිසිල “නමින් භාවනා වැඩසටහනක් වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේදී ඉකුත්දා පැවැත්විණි
විවිධ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට යොමුව තිබු වයස 16 -30 අතරේ පසුවන තරුණ පිරිසක් මෙම වැඩසටහන සදහා පැමිණ තිබූ අතර මෙම ආගමික වැඩසටහන තුළින් මෙම පුද්ගලයන්ගේ චර්යාවන් යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නක් බවට පත්කොට ඔවුන්ගේ ජීවිත සාර්ථක කරවීම අරමුණින් සහ ඔවුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම තුළින් වටිනා පිරිසක් බවට පරිවර්තනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
වැලිගම අග්‍රබෝධි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන් සහ විහාරාධිකාරි අගලකඩ විජිතධම්ම හිමියන්ගේ ප්‍රධාන අනුග්‍රහය සහ අනුශාසකත්වය මත දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී එම්.ඒ.එච්.එන්. ප්‍රියකාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදී. එම අවස්ථාවට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරි ජේ.එස් අනුර රෝහණ මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීහුද, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරීහුද, වැලිගම ප්‍රාදේශිය ලේකමි කාර්යාලයේ ප්‍රජාවිශෝධන සංවර්ධන නිලධාරි චතුරි නිසංසලා මහත්මිය, චන්ද්‍රිකා විජේසිංහ මිය , බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි නයෝමිද සිල්වා මිය , නිලන්ත ප්‍රදිප් කුමාර මහතා , වල්ලිවල නැගෙනහිර ග්‍රාමනිලධාරි කමනී ප්‍රීතිකා සරෝජනී මිය ඇතුළු නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.
මෙම වැඩසටහන සඳහා සුවිශේෂී සම්පත් දායකත්වය සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නාහිමියන්, ප්‍රධාන මනෝවිද්‍යා උපදේශක බී.ජේ.පී සමරසිංහ මහතා සහ සුරාබදු නිලධාරි නුවන් සමරවීර මහත්වරුන් විසින් සිදුකරන ලදී



