බස්නාහිර පළාත් කාර්’යාල යෙන් නිකුත් කළ මුඛ ආවරණ චක්‍රලේඛයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය

ලක්මිණි නදීෂා

කාර්යාල පරිශ්‍රයන් තුළ මුහුණු ආවරණ පැළඳීම සඳහා පොදු නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් දැනට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නමුත් බස්නාහිර පළාත් සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක දැක්වුණේ රට තුළ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 ප්‍රභේද වැනි ශ්වසන රෝග නිසා මුහුණු ආවරණ භාවිතය දිරිමත් කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම චක්‍ර ලේඛයට ප්‍රතිචාර වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ එවැනි නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල මඟ පෙන්වීම මත පදනම් විය යුතු බවයි. අනවශ්‍ය නියෝග නිසා එය මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීමට හේතු විය හැකි බවත්, එය දෛනික කටයුතුවලට බාධාවක් විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *