(සමන් පෙරේරා)
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දි නිවසක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ මත්පෙති අඩංගු කාඩ් 09ක්, එම කාඩ්වල අඩංගු මත්පෙති 88 ක් සහ හිස් මත්පෙති කාඩ් 16 සමග එම ප්රදේශයේ තරුණයෙකු ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 වන සැකකරුවෙකු බව ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි. මෙම සැකකරු දීර්ඝ කාලයක සිට මෙම මත්පෙති විකිණීමේ ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසීය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (06) දින කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එම්.එම්.ඩී.එන්.චතුරංග මහතාගේ උපදෙස් මත ගලෙන්බිඳුණුවැව පොලිසීය විසින් සිදුකරනු ලබයි.

