බස්නාහිර පළාතේ සියලුම කාර්ය මණ්ඩල වලට මුව වැසුම් පැළඳීමට උපදෙස්.

යසංග මහවිතාන

කොවිඩ්ආසාදිත රෝගීන් නැවතත් ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමග නැවත කොවිඩ් හිසේස වීමේ අවදානමක් පහළව ඇති බව සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා සිටීයි.

මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා සියලුම ආයතන වල ප්‍රධානීන්ට  බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පාලනය බී එන් ධම්මින්ද කුමාර මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යොමුකොට තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම කාර්යාල පරිශ්‍ර තුළ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛාවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වා එවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *