බුද්ධික වීරසිංහ
2024 වර්ෂයට ආසන්න සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් 2025 මුල් කාර්තුව තුළදී පමණක් පැමිණ ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුව අමතමිණි. මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
2023 වසරටම ලැබී ඇත්තේ මිලියන 483ක ආයෝජන පමණක් බවත්, 2024 වසර සඳහාම ලැබී ඇති ආයෝජන වටිනාකම මිලියන 724ක් බවත් අමාත්‍යවරයා තවදුරටත් අනාවරණය කළේය.ඒ ව්‍යාපෘති අනු තුනක් වෙනුවෙන් බවද සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය
මෙම ඩොලර් මිලියන 650 ක ආයෝජන ප්‍රමාණය ව්‍යාපෘති 64 ක් වෙනුවෙන් ලැබී ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි
