නාවික හමුදා යාත්‍රාවක් පැහැර ගැනීමට කළ තැතක් වරදී.

චම්පිකා මුතුකුඩ

ඊයේ (03) දිනයේ ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී  සංවිධානාත්මක කණ්ඩායමක් විසින් නාවික හමුදා යාත්‍රාවක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට නාවික හමුදාව සමත් වී තිබේ.

නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර තිබුණි.මෙහිදී  සංවිධානාත්මක කණ්ඩායමක්  විසින් නාවික හමුදා යාත්‍රාවක්  වටකර  එය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.මෙහිදී අදාළ කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොර බැඳීමක් සිදුවී ඇති බවත් , නාවික හමුදාව  එම නීති විරෝධී ක්‍රියාව  වැළැක්වීමට සියලු නීත්‍යානුකූල උත්සාහයන් යෙදවූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩිතබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.සංවිධානාත්මක කල්ලිය විසින් නාවික හමුදා නිලධාරීන්ගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ බව කියැවේ.එහිදී හමුදා නිලධාරීන් විසින් අහසට වෙඩි තබා එම පුද්ගලයන් බිය ගැන්වීමට තැත් කළ බව සඳහන්ය. මෙහිදීම එම සංවිධාන අයත්මක කල්ලියේ සාමාජිකයින්  ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ. එහිදීඑක් සෙබළෙකුගේ  ගිනි අවිය වැරදීමකින් ක්‍රියාත්මක වී  ඇති බව පැවසේ. මේ හේතුවෙන් එක් පුද්ගලයකුට වෙඩි වැදී තිබේ.

එහිදී අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩිවැදී ඇත.තුවාල ලද පුද්ගලයා විසිතුන් හැවිරිදි තරුණයෙකි.ඔහු වහාම ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් නාවික හමුදාව විසින්බ්වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහෙත් මේ හේතුවෙන් කුච්චවේලි ධීවර ජනතාව අතර නොසන්සුන්තාවක් හට ගෙන ඇතිබවද සැලවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *