නවකවදය නිසා සිසුවියක් වැවකට පනී.

නික්කි රණසිංහ

නවකවදය දරා ගැනීමට නොහැකි වූ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියක් වැවකට පැන දිවි හානි කරගැනීමට තැත් කළ පුවතක් කුලියපිටියෙන් වාර්තා වේ. 

මෙම පුවත සැලවූ ප්‍රදේශවාසීන් විසින් වහා සිසුවිය බේරාගෙන රෝහල් ගතකර ඇති අතර සිසුවියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

කාර්මික විදුහලේ දී තමා දරාගැනීමට නොහැකි ලෙස නවකවදයට හා හිංසනයට ලක් වූ බව සිසුවිය ප්‍රකාශ කර සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම කාර්මික විදුහලේම සිසුන් තිදෙනෙක් හා සිසුවියක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නවකවද පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

මෙම සිදුවීම පිළිබඳව විදුහල් මට්ටමින් පුළුල් විමර්ශණයක් පවත්වන බව කුලියාපිටිය කාර්මික විදුහලේ විදුහල්පති චන්දන අභයලාල් මහතා ප්‍රකාශ කර සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *