මාධ්‍ය සංසදයේ සිසුන්ට නිල ලාංඡන පැළඳවීම

.රංජන් මඩගම්මන- 

දෙහීඕවිට  අධ්‍යාපන කලාපයට අයත් කෑ/දෙහිඕවිට  කල්‍යාණි මහ විද්‍යාලයේ මාධ්‍ය  සංසදය මගින් සිසු සිසුවියන් සඳහා මාධ්‍ය නිල ලාංඡන පැළඳවීම ප්‍රවීන මාධ්‍යවේදී අසේල බණ්ඩාරනායක, මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

     මාධ්‍ය සංසදයේ සාමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45 දෙනෙකු  ට මෙහිදී මාධ්‍ය නිල ලාංඡන පැළඳවීම සිදුවිය.සංසදයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැටුම් ,ගැයුම්, වැයුම්,මෙන්ම මාධ්‍ය තාක්ෂණික ක්‍රියාවලිය සංසදය තුළ සිටින දරුවන් විසින්ම සිදු කිරීම විශේෂත්වයකි.

ආරාධිත විශේෂ දේශනය ප්‍රවීන මාධ්‍යවේදී අසේල බණ්ඩාරනායක මහතා විසින් සිදුවිය.

   මාධ්‍යවේදී ,ශාස්ත්‍රපති ඇම්.ඒ.සී.රංජන් මඩගම්මන ,විදුහල්පති එස්.ඩී.මාතොටආරච්චි,   බී .ඒ. එම්.එන්. ඩී.එස්.තේජපූර්ණ , ඩී.එම්.ඩී.සී.විජේකෝන්,ඩී.ටී.අන්දරමාන,වයි.ආර්.ඊ.ජී.රූපසිංහ, යන නියෝජ්‍ය විදුහල්පති මහත්ම මහත්මීන් ඇතුළු ගුරුභවතුන් ,දෙමව්පියන් හා සිසුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. විදුහල්පති තුමියගේ උපදෙස් පරිදි, සන්නිවේදනය හා මාධ්‍ය  අධ්‍යයන විෂය භාර ආචාරිණී ලක්මාලි රූපසිංහ  මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *