(වවුනියාව – මාධව කුලසූරිය.)

මුලතිව්,වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ (02) සවස විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ.
මුහුදු ජලයෙන් පහන් දල්වා කෝවිලේ උත්සවය ආරම්භ කරනු ලබන අතර,උතුරු නැගෙනහිර ජනතාව මහත් හරසරින් යුතුව කෝවිලේ පූජාවන් වෙනුවෙන් සහභාගි වෙති.
මුලතිව්,සිලාවත්ත ප්‍රදේශයේ මුහුදු ජලය ලබාගෙන පැමිණ අදාළ මුහුදු ජලයෙන් පහන් දැල්වීම ආරම්භ කොට කෝවිලේ වාර්ෂික මංගල්ලය ආරම්භ කරනු ලැබීය.
මුහුදු ජලය රත් කිරීමෙන් අනතුරුව ලුණු ද්‍රාවණයක් සාදා එය යොදාගනිමින් පහන් දැල්වීම සිදුකිරීමේ කෝවිලේ මංගල්ලයේ විශේෂ සිදුවීමකි.
එළැඹෙන 08 වැනිදා කෝවිලේ වාර්ෂික මංගල්ලය පැවැත්වීමට නියමිත බව කෝවිලේ පාලක සභාව පවසති.
උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව විශාල පිරිසක් වට්ටාපලෙයි කෝවිලේ මංගල්ලය වෙනුවෙන් සහභාගි වන අතර, යුධ සමයේ පවා වට්ටාපලෙයි කෝවිලේ මංගල්ලය පවත්වා තිබිණ.




