අජිත්ලාල් ශාන්තඋදය
අවුරුදු දහයක් වයසැති පාසල් දැරියකගේ කම්මුලට අතින් පහරදුන් බව කියන එම පාසලේම උගන්වන ගුරුවරයෙකු මේ මස 04දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන් පරණලියනගේ මහතා 02දා නියම කළේය.
මෙම සිද්ධියේ වින්දිතයා බවට පත්ව ඇත්තේ රත්නපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන රත්නපුර නගරයට ආසන්න ගමක පදිංචි පාසල් ශිෂ්‍යාවකි. සැකකරු වන්නේ ද එම පාසලේම උගන්වන හතළිස් හැවිරිදි පිරිමි ගුරුවරයෙකි. ඔහුගේ පදිංචියද රත්නපුර නගරයට අසන්න ලිපිනයකය.
එකි පැමිණිල්ල අනුව සැකකාර ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු 02දා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම පහරදීමේ සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය මැයි මාසයේ 28 දින බව ඇගේ මව්පියන් 30වන දින රත්නපුර පොලීසියට කළ පැමිණිල්ලක සදහන් වෙයි. මෙම දැරියගේ කම්මුලට පහරදීමෙන් පසු ඇය රත්නපුර ශීක්ෂණ මහ රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බව 30 දින කළ පැමිණිල්ලේ සදහන් වෙයි.
