(සමන් පෙරේරා)
ගල්කුලම සිවලාකුලම මාර්ගයේ ගල්කුලම දෙස සිට සිවලාකුලම දෙසට ධාවනය කළ ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි තිරප්පනේ පොලිසීය කියයි.
අද (02) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වයසැති විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු බව පොලිසීය කියයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර
අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


