(ලක්මිණි නදීෂා)
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීමේ සූදානමක් ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තාවල දැක්වෙන්නේ කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් නැති නිසා නියෝජ්‍ය කතානායක රිස්වි සාලිට හෝ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මුනිර් මුලෆ්ෆර් රාජ්‍ය ඇමතිවරයාට හෝ කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අපි ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මුනීර් මුලාෆර්ගෙන් විමසීමක් කළෙමු.එහිදී ඔහු පැවසුවේ මාධ්‍ය වල එසේ පල වුවද මේ දක්වා ඒ සම්බන්ධයෙන් රජයෙන් තොරතුරක් ලැබී නොමැති බවයි.
