නව රක්ෂිතයන් පහක් ප්‍රකාශයට පත් කෙරේ

(සංජීවනී පද්මසේන)

ජූනි මස 5 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් ඒ හා සමගාමීව රජය විසින් නව රක්ෂිතයන් පහක් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. 

ඒ ගාල්ල, කෑගල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිද්දෙනි. 

ගාල්ල දිස්ත්‍රික්කයේ කොට්ටව වනය, කෑගල්ල දිස්ත්‍රික්කයේ උඩුලියැද්ද, තුල්හිරිය හා වේරහැංකන්ද වනාන්තර හා මොණරාගල දිස්ත්‍රික්කයේ නිල්ගල වනය ඒ නවතම රක්ෂිත වනාන්තර පද්ධතීන් වේ.

ජගත් පරිසර දිනයේ සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි මස 05 වන දින කෑගල්ල නගරයේ දී පැවැත්වීමට නියමිතයි. 

මෙවර එහි තේමාව වනුයේ “ප්ලාස්ටික් භාවිතය අවම කරමු” යන්නයි. මේ සමඟම මැයි 30 සිට ජූනි 05 දක්වා ජාතික පරිසර සතිය වශයෙන් නම් කර ඇති අතර ඒ වෙනුවෙන් පරිසරය සුරැකීමේ විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *