දැරියන් දෙදෙනෙක් කෝවිලේ ළිඳට වැටීමෙන් මියයති

වවුනියාව මාධව කුලසූරිය.

මුලතිව්,කුමුලමුනෙයි,කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් අද(01) දහවල් දැරිවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ දැරිවියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වි ළිඳ අසළට ගොස් ඇති අතර,එහිදි පය ලිස්සා ගොස් ළිඳට වැටී ඇති බවයි.

ළිඳට වැටුණු දැරිවියන් දෙදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මුලතිව්,මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දැරියන් දෙදෙනෙකු  එලෙස මියගොස් ඇති බවද පොලිසිය පැවසීය

මියගිය දැරිවියන් දෙදෙනාගේ මෘත ශරීර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මුලතිව් රෝහලේදී පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *