පුනරීන්හිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කළ තිදෙනෙකු අල්ලයි.

(වවුනියාව මාධව කුලසූරිය.)

යතුරු පැදියකින් ගමන් කළ තරුණයකු කිලිනොච්චිය, පුනරින් තම්බිරාන් මාර්ගයේ නවතා තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිදෙනකු අද (01) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව පුනරින් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඊයේ (31) සවස තරුණයා නිවසින් බැහැරට යන අවස්ථාවේ තම්බිරාන් මාර්ගයේ පාළු ප්‍රදේශයක සැඟව සිටි පිරිසක් තියුණු ආයුධවලින් පහරදී කපාකොටා ඇති බවයි.

බරපතල ලෙස කැපුම් තුවාල ලබා සිටි තරුණයා පොලිසිය විසින් පුනරින් ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරන විටත් මියගොස් ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

එලෙස තියුණු ආයුධවලින් පහරදී කපාකොටා ඝාතනය කොට ඇත්තේ කිලිනොච්චිය , පුනරින් පදිංචි කන්දසාමි ප්‍රනවන් නැමති 28 හැවිරිදි තරුණයකු වේ.

පොලිසිය පැවසූයේ මෙම ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවත් මියගිය තරුණයා සහ සැකකාර පාර්ශවය අතර දීර්ඝ කාලයක සිට තිබූ පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවට සැක පළකරන බවත්ය.

සැකකරුවන් විසින් ඝාතනයට රැගෙන ආ තියුණු ආයුධ දෙකක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් බවත් කීය.

මියගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබුණි.

සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පුනරින් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් ආසිරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත පුනරින් අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *