නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙන ලකුණු

(චම්පිකා මුතුකුඩ)

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ  වයඹ පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ  

 

ඌව පළාතේත් අම්පාර සහ  මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

 

 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ  වයඹ පළාත්වලත්  හම්බන්තොට, සහ  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට   පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය  හැක.

 

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවබ්ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *