( ලසන්ත නිරෝෂණ පෙරේරා)
කලවාන පොලිස් බල ප්‍රදේශයේ නාවලකන්ද හෙට්ටිකන්ද ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් කපා 58 හැවිරිදි පුද්ගලයෙකු ඔහුගේ නිවෙස තුළ ඝාතනය කර ඇතැයි පොලුසිය පවසයි.
අද .31 වනදා දහවල් 12 ට පමණ කලවාන පොලිස් ස්ථානයට ලද නිර්නාමික දුරකතන පණිවිඩයකට අනුව පොලිසිය විසින් හෙට්ටිකන්ද නාවලකන්ද කලවාන ලිපිනයේ පදිංචිව සිටි සුප්පයියා දොරේරාජ් ගේ සිරුර ඔහුගේ නිවසේ තිබියදී සොයා ගෙන තිබේ.
මෙම ඝාතනය පෙර දිනයකදි සිදුව ඇතැයි පරික්ෂණ වලදි හෙළි වි තිබේ. පොලිසිය ව්සින් සොයා ගත් මෘත ශරීරය පොලිසිය අධිකරණ වෙද්‍ය පරික්ෂණය සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට යවා තිබේ.
මියගිය තැනත්තා ගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගත වි ඇති අතර ඔහුගේ අවිවාහක දියණිය වන දොරේරාජ් සේනාදීන් (අවු 19) නැමති අය ඔහු සමඟ නිවසේ පදිංචිව සිට ඇතැයි පොලිසිය පවසයි.
ඇය මේ වන විට අතුරුදන්ව ඇත. කලවාන පොලිසිය විසින් මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පවත්වයි.
