(බුද්ධික වීරසිංහ)
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද සංක්‍රමණය වී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදුකළ පරීක්ෂණ වලින් තහවුරු වී ඇති පරිදි ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඞ් ජයමහ මහතා සඳහන් කරයි.
කොවිඩ් වයිරසයේ විවිධ නව ප්‍රභේද විටින්විට පැතිර යමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තරයේ අවධානයෙන් පසුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. එසේ හෙයින් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.
ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවද පරීක්ෂණවලින් සනාථ වී ඇති බව වාර්තා වේ.අදාල බිලිඳාගේ ජෛව සාම්පල පරීක්ෂාව සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට (MRI) යොමු කරන ලද බවත්, බිරිඳා කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. එහෙත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිර යමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද එතුමා වැඩිදුරටත් සඳහන් කරයි.
අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.අනවශ්‍ය බියක් ඇති කර නොගෙන ආරක්ෂක සෞඛ්‍ය ක්‍රමවේද භාවිතයෙන් රෝගයෙන් ආරක්‍ෂා විය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භනී මව්වරුන්ට වැඩිහිටියන්ට හා නිදන්ගත රෝගීන්ට තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන මෙන් සෞඛ්‍ය අංශ විසින් දැනුවත් කරනු ලැබේ. මුඛාවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම වැනි සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමට ජනතාවට උපදෙස් දෙනු ලැබේ.
කෙසේ වෙතත් මෙතෙක් පැවති කොරෝනා ප්‍රභේද සියල්ලටම වඩා මෙවර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් විය හැකි බවටද බවටද සෞඛ්‍ය අංශ අනතුරුු හඟවයි

