(බුද්ධික වීරසිංහ)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් අද උදෑසන 8.30 සිට හෙට (ජුනි 01) දින උදෑසන 8.30 වන තෙක් බලපැවැත්වෙන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම ,දකුණ, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50 – 55 අතර වන තද සුළං ඇති විය හැකිය.
දිවයිනය අනෙකුත් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30- 40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.
