දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම්

(යසංග මහවිතාන)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

නිරිත දිග මෝසම් වැහි සමය ආරම්භ වීමත් සමගම පවතින අධික වර්ෂාපතනය සහිත කාලගුණයහේතුවෙන් දිස්ත්‍රික්ක පහක් නායයාමේ තර්ජනයට මුහුණ පෑ හැකි බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

එම දිස්ත්‍රික්ක පහ සඳහා කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය ඊයේ (30) දින රාත්‍රී 9.00 සිට අද (31) රාත්‍රී 9.00 දක්වා වූ  පැය 24 සඳහා නිකුත් කර ඇත.කහ පැහැති අනතුරු හැඟවීමේ පළමු මට්ටම යනුවෙන් හඳුන්වනුයේ  විමසිලිමත් විය යුතු බව ප්‍රකාශ කෙරෙන දැනුම් දීමකි.

එම නිවේදනයට අනුව  බද්දේගම(ගාල්ල දිස්ත්‍රික්කය),  ගඟ ඉහළ කෝරළය (මහනුවර දිස්ත්‍රික්කය), අරණායක(කෑගල්ල දිස්ත්‍රික්කය),  අඹගමුව – නෝර්වුඩ් (නුවරඑළිය දිස්ත්‍රික්කය) සහ  කිරි ඇල්ල (රත්නපුර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශය සඳහා පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *