ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය 2025 මීටර් 400× 4 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

එස්.රත්නායක

කොරියාවේ ගූම් නගරයේදී නගරයේ දී පැවැත්වෙන විසි හය වැනි ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර්  400×4 කාන්තා සහාය දිවිමේ තරගයෙන් ලෝකඩ පදාකමක් දිනා ගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ විනාඩි 3 තත්පර 36.67 කාලයක් වාර්තා කරමිනි. රන් පදක්කම දිනා ගත් ඉන්දියානු කණ්ඩායමට ගතවූයේ විනාඩි 3 තත්.34.18  කාලයකි. රිදී පදක්කම දිනූ වියට්නාම කණ්ඩායමට ඒ සඳහා ගත වූ කාලය තත්.34.77කි. මීටර් හාරසිය හතර කාන්තා කණ්ඩායමේ සාමාජිකයන් ලෙස නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, නිෂේන්ද්‍රා ප්‍රනාන්දු සහ ජයෙෂි උත්තරා යන ක්‍රිඩිකාවෝ ක්‍රීඩා කළහ. මෙම තරගය මූලික වටයකින් තොරව අවසන් තරගයක් ලෙස පැවැති  අතර 2023 වසරේදී රිදී පදක්කමකට මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමිකම් කියනු ලැබීය.

 

අරුණ දර්ශන, සඳදෙව් රාජකරුණා, ඔමෙල් ශෂින්ත සහ කාලිංග කුමාරගේ ඇතුලත් මීටර් 400×4 සහාය දිවීමේ කණ්ඩායම මූලික  වටයේ තරඟය විනාඩි 3 තත්.07.79 කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට නිර්දේශ විය.

මෙහි රන් පදක්කම පසුගිය ආසියානු තර්ගාවලියේදී ශ්‍රී ලංකාවේ විසින් දිනා ගන්නා ලදී. මීටර් දහදාහ කාන්තා ඉසව්වට තරඟ වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වූ රසාරා මෙත්මි විජේසූරිය ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් තබමින් හත්වැනි ස්ථානයට පත්විය.වි.33.තත්.21.62 ක කාලයක් ඇයට ඒ සඳහා ගතවිය. වි.30.තත්.48.44 ක කාලයක් වාර්තා කරමින් කසකස්ථාන ක්‍රීඩිකා ඩෙල්සි ජෙප්  කෙමෙයි එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවේ නව ආසියානු වාර්තාවක්ද තබමිණි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *