හොරමුල සුසාන භූමියේ  ත්‍රි විලරයක්  තුළ පිළිස්සුනු මළ සිරුර හදුනා ගැනේ

( ලසන්ත නිරෝෂණ පෙරේරා )

රක්වාන  කිරණෝදාගම ග්‍රාමයේ හොරමුල පොදු සුසාන භූමියේ ත්‍රි රෝද රථයක්  සමග  පිළිස්සී ගිය මලසිරුර   ඔහුගේ පවුලේ ඥාතින් විසින්   හදුනා  ගත් බව කහවත්ත ඇන්දාන පොලිසිය පවසයි.

මෙම ත්‍රිරෝද රථය ඊයේ  29  දහවල් එකට පමණ හොරමුල සුසාන භූමියේ පිළිස්සෙමින් තිබියදී ගම්වාසීන් ව්සින් පොලිසියට දැනුම්දි තිඹුණි .

මියගිය තැනැත්තා ලියනවඩුගේ ලාල් ගුණවර්ධන නැමැති  කහවත්ත ඇල්ලගේවත්ත ඇපලදෙනියේ පදිංචි 63 හැවිරිදි  සිව්දරු පියෙකි .ඔහු කාර්මීක වැඩ කළ අයෙකු බව පොලිසිය පවසයි.

මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රත්නපුර මහ රෝහලේ අධ්කරණ වෙද්‍යවරයා වෙත  යොමුකරන ලෙස පැල්මඩුල්ල  මහෙස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා  පොලීසියට නියෝග කළේය.මහේස්ත්‍රාත් පරික්ෂණයේ නිරික්ෂණ සඳහා මහේස්ත්‍රාත්වරයා ඊයේ  (29) සිද්ධිය වු ස්ථානයට පැමිණියේය.

  මෙම මරණය සියදිවි හානි කරගැනීමක් ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක් ද යන්න  මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් වැඩිදුරටත්  පරීක්ෂණ  සිදුකරන බවත් ඇන්දාන  පොලීසිය පවසයි..

රත්නපුර පොලිසියේ අපරාධ ස්ථානාගාර නිළධාරීහු ද පරික්ෂණ සිදු කළහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *