රත්නපුර ගං වතුර පාලනයට වියළි බැමි (DRY DAMS) ක්‍රමය යොදා ගැනීමට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යෝජනා.

(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා )

නිරන්තරයෙන් ගං වතුර තර්ජනයට මුහුණ දෙන රත්නපුර දිස්ත්‍රික්කය  සඳහා ගංවතුර ආරක්ෂණ වැඩපිළිවලක් ල්‍රෙස   ජලය රඳවා තබා ගැනිමට ව්ශාල ප්‍රමාණයේ ජලාශ තුනක් වියළි බැමි ක්‍රමවේදයට අනුව ඉදිකිරිමට  යෝජනාවි තිබේ.

රත්නපුර මල්වල ප්‍රදේශයේ ප්‍රධානතම වියළි බැම්ම ඉදිකිරිමට යෝජිතය .අනෙක් බැමි දෙක දෑල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජනා ව් තිබේ. මල්වල ඉදිකෙරෙන ජලය රඳවා ගැනිමේ බැම්ම උඩවලව ජලාශය මෙන් භාගයකි.

   මෙම ක්‍රමවේදය සඳහා   ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සුදුසු බවට වන යෝජනාව රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් අනුමත කර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමතාත්‍යංශයට හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඊයේ  28 වනදා   රැස්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කරන ලදී.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති  ශාන්ත පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් ,  කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ කැඳවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගං වතුර පාලනය සඳහා යෝජනාවී ඇති වියළි බැමි ක්‍රමය පිළිබඳ මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදුකළ රත්නපුර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු බී.ඒ. සම්පත් මහතා සඳහන්කළේ
රත්නපුර දිස්ත්‍රික්කය විශේෂයෙන් නිරන්තරයෙන් ජල ගැලීම්වලට ලක්වන දිස්ත්‍රික්කයක් වන බවත් සෑම වසරකම පාහේ කුමන හෝ ප්‍රමාණයක ගං වතුර තත්ත්වයකට මුහුණ දීමට රත්නපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට සිදුවන බවත්ය

.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගං වතුර තත්ත්වයට බලපාන විශාලතම ගංගා ද්‍රෝණිය වන්නේ කළු ගං ද්‍රෝණියයි. කළු ගඟේ වර්ග ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 2600 ක් පමණ වේ. එමෙන්ම එය ලංකාවේ 04 වන විශාලතම ගංඟා ද්‍රෝණිය වුවත්  කළු ගඟ මුහුදට ගෙනයන ජල ප්‍රමාණය සැලකීමේදී එය වැඩිම ජල ධාරිතාවක් මහ සයුර වෙත ගෙන යන ප්‍රධානතම ගංගා ද්‍රෝණිය වේ. ගං වතුර ගැටළුව පිළිබඳ අවධානය යොමුකිරීමේදී කැළණි ගඟට පසුව විශාලතම ගං වතුර ගැටළුව ඇති වන්නේද කළු ගං ද්‍රෝණිය ආශ්‍රයෙනි. ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍යයෙන් මිලි මීටර් 2000 ක් පමණ වුවද රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කළු ගඟේ සහ එහි අතු ගංගාවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 4500 ක් පමණ වේ.

2017 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයට අති විශාල ගං වතුර තත්ත්වයක් ඇතිවූ අතර දෙස් විදෙස් තක්සේරු විශේෂඥයින්ට අනුව කළු ගං ද්‍රෝණිය ආශ්‍රිතව සිදුවුණු හානිය රුපියල් බිලියන 80 ක් පමණ වේ. කළු ගඟ විශාලතම ජල ප්‍රවාහය මහ සයුර වෙත රැගෙන ගියත් කළු ගඟ මූලික කරගෙන ඉඳිකරන ලද ජල සම්පත් සංවර්ධන කටයුතු ඉතාම සීමිතය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගං වතුර පාලනයට යෝජනා වී ඇති වියළි බැමි ක්‍රමය (dry dams) මගින් සිදු වන්නේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට වර්ෂාවක් ලැබුනොත් එම ජලය, ඉඳි කරනු ලබන ජලාශයේ රදවා ගැනීම බව වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසිය .

ඉන් පසු ක්‍රමාණුකූලව රඳවා ගත් ජලය මුදා හරිනු ලබයි. ඒ අනුව මෙහිදී නිරන්තරයෙන් ජලය එක්රැස් කිරීමක් සිදු නොවෙන බවද ඔහු පැවසිය .. ගං වතුර තර්ජනයක් ඇතිවිය හැකි අවස්තාවන්වලදී පමණක් ජලය රඳවා ගනු ලබන  අතර එම රඳවාගත් ජලයද වැසි තත්ත්වය පහව යාමත් සමඟ ක්‍රමාණුකූලව ගඟට මුදා හරිනු ලැබිමට මේ මගින් සැලසුම් කර තිබේ..

මෙම වියළි බැමි ඉඳි කරනු ලබන ඉඩම්වල අයිතියද නොවෙනස්ව පැවතියද ජලාශ ඉදිකරන ප්‍රදේශවල පදිංව් පවුල් දෙදහසක් පමණ ඉවත් කිරිමට සිදු වෙන අතර ඔවුන් ට වන්දි ලබදිමට යෝජනා වි තිබේ.

එම ඉඩම්වල පදිංචිවීමට නොහැකි වුනත් ගං වතුර තත්ත්වයන් නොමැති කාලවල දී මිනිසුන්ට එම භූමිය කෘෂි කාර්මික කටයුතු හා මැණික් ගැරීම වැනි කටයුතුවලට කිසිදු බාධාවකින් තොරව භාවිතා කළ හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *