යසංග මහවිතාන
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි පූජ්‍ය බණ්ඩාරවෙල අමිත්තානන්ද හිමියෝ (29) දහවල් අපවත් වූහ.
අපවත් වන විට උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ.
2017වර්ෂයේදී පමණ රෝගාතුර වූ උන්වහන්සේට මොලේ සැත්කම් කිහිපයක්ද සිදු කර තිබේ. එදා මෙදා තුර පූර්ණ වශයෙන්ම සුවය නොලද අමිතානන්ද හිමියෝ දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිකාර ලබමින්සිටියහ
තරුණ පරපුර ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අමිතානන්ද හිමියෝ දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය පිහිටුවීමේදී ප්‍රමුඛස්ථානය ගත්හ. සමාජ සංවර්ධනය උදෙසාත් සම්බුද්ධාසනයේ පැවැත්ම උදෙසාත් භික්ෂුවක් ලෙස වටිනා ශාසනික මෙහෙවරක් කළ උන්වහන්සේට නිවන් සුව පතමු.
