මන්නාරමේ පැත්තකට මුහුද ගොඩ ගලා ජනතාව පීඩාවට පත්වේ.

                                (වන්නි රොමේෂ් මධූෂංක)

                  මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්කාලෙයි ගම්මානයට මුහුදු ජලය ගලා ඒ්ම හේතුවෙන් ගම්වාසීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

ගෙවුනු දින කිහිපය තුළදී ආසන්නයේ පිහිටි මුහුදු සීමාව රලුවීමත් සමග ගම්මානය තුළට මුහුදු ජලය ගලාඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ගම්මානයේ වැසියන් ගැටලු රැසකට මුහුණ පා සිටිති.

මුහුදු ඛාදනයත් සමග ජලය ගලාඒම හේතුවෙන් ගම්මානයේ පිහිටි ජල ළිං මුහුදු ජලයෙන් පිරී පැවතීම, අනෙක් ළිං වලද ජලය ලුනු රසයක් පැවතීම, වගාවන් හානි වීම මෙන්ම පානීය ජලය ගැටලුවකට මුහුණ පෑමට සිදුව තිබීම යන කරුණු හේතුවෙන් ජනතාව පීඩාවන්ට පත්ව සිටිති.

පවතින තත්වය හේතුවෙන් මුහුදු ඛාදනය මැඩපවත්වා ගම්මානයට මුහුදු ජලය ගලාඒම වලක්වා දෙන ලෙසට ගම්මාවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතරම කඩිනම් විසඳුමක් නොලැබුනහොත් ගම්මානයට ගංවතුර තත්වයක්ද ඇතිවීමේ අවදානමක් පවතින බවද ගම්වාසීහු වැඩිදුරටත් පැවසූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *