වසර තිස්පහක් තිස්සේ අභාවයට යන නිට්ටෑව වැව

(සමන් පෙරේරා)  

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්නිමඩුව ප්‍රදේශයේ තිබෙන නිට්ටෑව වැව වසර 35කින් පමණ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණපා ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.

මේ වනවිට එම වැවෙහි රොන්මඩ තැන්පත්වීමද, පොතුකොල, සැල්වීනියා හා ජපන් ජබර ආදී ආක්‍රමණික ජලජ ශාක සීග්‍ර ලෙස ව්‍යාප්තවීමද සිදුව ඇතැයි  ගොවීහු පෙන්වා දෙති.

නිට්ටෑව වැව යටතේ කුඹුරු අක්කර 60 ක පමණ ප්‍රමාණයක් වගා කරන අතර වැව ගොඩවීමෙන් එම කුඹුරු සඳහා ජලය සපයා  ගැනීමේදී ද ගැටලු රැසකට මුහුණපාන බව ගොවීහු කියති.

එමෙන් ම වැවේ වාන් පද්ධතිය ද කැඩීයාම හේතුවෙන්  වර්ෂා කාලවලදී ජලය අවශ්‍ය පරිදි නොරැඳෙන බව ගොවීහු කියති. මේ නිසා කුඹුරු සඳහා ජලය ලබාගැනීමේදී දැඩිලෙස අපහසුතාවයට පත්වීමට සිදුවන බව කියැවේ.

මෙම වැව් දෙක කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගොවීහු අදාළ බලධාරීන්ගේන් ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *