දුම්රියේ ගැටළුවලට හේතුව පරිපාලනයේ අකාර්යක්ෂමතාවයයි – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

 

( මොහොමඩ් ආසික්)

දුම්රිය වර්ජනය ඇතුළු දුම්රියේ ගැටළුවලට  හේතුව එහි පරිපාලනයේ අකාර්යක්ෂම  බව යැයි  ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.

අද 28 වනදා මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් මාර්ග අනතුරු සිදුවීමට බලාපාන හේතු සොයා ඒවා සඳහා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වන බවත් සඳහන් කළේය. පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවත් එහිදී පොදු ප්‍රවාහනයට නුසුදුසු බවට හඳුනා ගන්නා බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා  මෙහිදී කීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන විශාල පිරිසක් මෙම සේවය ගොඩ නැගීම සඳහා කැපවීමෙන් වැඩකරන බවත් ඉතා සුළු පිරිසක් කඩා කප්පල් කිරිමට උත්සාහ කරන බවත් කී  නියෝජ්‍ය අමාත්‍යවරයා  එයට හේතුව අකාර්යක්ෂම පරිපාලනය බවත් කීය.ඔවුන්ට   නිවැරැදි වීම සඳහා යම් කාලයක් ලබා දෙන  බවත් එම කාලය තුළ නිවැරැදි නොවන්නේ නම් දුම්රිය පරිපාලනය නිවැරැදි කිරීමට පියවර ගන්නා බවත්  නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී කීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *