(බුද්ධික වීරසිංහ, චම්පිකා මුතුකුඩ)
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධානයක් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (FMM) වාර්ෂික මහා සභාව ඊයේ (27) කොළඹ දී පැවැත්වුණි.
ඒ කොළඹ පහ බර්නාඩ් සොයිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී (SLPI) ය.
එහිදී 2025 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්ද තෝරා පත් කරගන්නා ලදී.
මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා මහතා කැඳවුම්කරු ලෙසත් ,මාධ්යවේදීමේ දිලීෂා අබේසුන්දර මහත්මිය ලේකම් ලෙසත් තේරී පත්විය. භාණ්ඩාගාරික තනතුර සඳහා තේරී පත්වූයේ මාධ්‍ය පුහුණුකරු ආනන්ද ජයසේකර මහතාය. සභාව විසින් මාධ්‍යවේදී ආර්.රාම්කුමාර් මහතා උපලේකම් තනතුරට පත් කර ගන්නා ලදී.
ඉදිරි වර්ෂයේ සඳහා තෝරා පත් කරගන්නා ලද විධායක කමිටු සාමාජිකයන් වන්නේ, හනා ඊබ්‍රාහීම්, සී දොඩාවත්ත, ටී.එම්ජී චන්ද්‍රසේකර ශාන් විජේතුංග සුජීව සෙනරත් ,සුනිල් ජයසේකර , උදය කළුපතිරණ, ජාවිඩ් මුනවර්, නිරංජනී රෝලන්ඩ් යන මහත්ම මහත්මීන්ය.
සිවිල් ක්‍රියාකාරිනී ශාර්මිනී බොයිල් සහ මාධ්‍යවේදී සරෝජ් පතිරණ යන මහත්ම මහත්මීහු භාරකරුවන් ලෙස තේරී පත්වූහ.
ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා ඉහළ මෙහෙයක් ඉටුකරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිලධාරි මඩුල්ලට truthlk අපේ සුභාශිංශන මෙසේ පිරිනමමු.



