ගලෙන් බිඳුනු වැවට මහ සුළං ඇවිත්

(සමන් පෙරේරා)  

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අ‍යත් පඩිකාරමඩුව, නුවරඑළියකොළණිය, මහසෙන්ගම යන ප්‍රදේශවලට අද (27) දහවල් ඇති වු සුළං තත්ත්වයක් හේතුවෙන් ගස් කඩාවැටීම නිසා විදුලිබලය ඇනහිට ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.

මහසෙන්ගම මන්සංධියේ  ඉඩමක තිබූ කොහොඹ ගසක් විදුලි රැහැන මතට කඩාවැටීම හේතුවෙන්  එම විදුලි රැහැනට සම්බන්ධ වී තිබු විදුලි කණුවක් ද මේ වන විට කඩාවැටී තිබේ.

මේ නිසා මහසෙන්ගම මාර්ගයේ ගමනා ගමනය කිරීමේදී එම ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව ඇත. එම ප්‍රදේශයේ විදුලි බලය මේ වන විටත් ඇනහිට තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *