(කිත්සිරි වනසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා ඇසුරුම් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 610 ක් සමග අනුරාධපුර හිදෝගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
හිදෝගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී 27 දා පෙරවරුවේ මෙම පිරිස අත් අඩංගුවට පත්ව ඇත.
හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි මෙම පුද්ගලයන් අතරින් දෙදෙනෙකු නාච්චාදූව ප්‍රදේශයේ පාසල් දෙකක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 සහ 17 වයස් කාණ්ඩ වල පසුවන සිසුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ළඟ තිබී මිලිග්‍රෑම් 160 සහ මිලිග්‍රෑම් 130 බැගින් වූ මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් අනෙක් දෙදෙනා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීම සඳහා අයදුම් කර සිටි පුද්ගලයින් දෙදෙනකු බව පොලිසිය තහවුරු කරගෙන ඇත. මොවුන් සන්තකයේද තිබී මිලිග්‍රෑම් 180 සහ මිලිග්‍රෑම් 140 බැගින් වූ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.
නාච්චාදූව පලයාකුලම ග්‍රාමයේ නිවසක් තුළ මෙම කණ්ඩායම හෙරෝයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී පොලිසිය සිදු කළ වැටලීමකින් අත්අඩංගුවට පත් මෙම පුද්ගලයන් අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හිදෝගම පොලිසිය පියවර ගෙන තිබේ.
කලක සිට සිදුකර ඇති මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීම පිළිබඳව පුළුල් විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
