(විශේෂ වාර්තාකරුවෙක්.).
අද (27) පෙරවරුවේදී වැලිගම මිදිගම ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත අපනයන කර්මාන්ත ශාලාවක සේවකයන් පිරිසක් එම ආයතනය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
මෙම ආයතනය රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් වන අතර නිෂ්පාදනයන් විදේශීය රටවල් වලට පමණක් එම අලෙවි කෙරේ. ප්‍රංශ සමාගමකට අයත්ව තිබූ කම්හලෙන් පසුගියදා ඉන්දියන් සමාගමකට විකුණා ඇති බව සදහන් වෙි .
මෙම ආයතනයේ වසර 35, 30 ,25 20 ආදී සේවා කාලයක් සේවය කළ බහුතරයක් සිටින අතර සේවකයන් දහසකට වඩා ප්‍රමාණයක් සේවය කරයි.
දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම කර්මාන්ත ශාලාව අනපේක්ෂිත ලෙස වෙනත් සමාගමකට විකිණීමත් සමග සේවය කරන සේවකයන්ගේ රැකියාව අවදානම්න් බවත් ඒ අනුව මෙම ආයතනය වෙනත් සමාගමට විකිණීම වෙනුවෙන් සාධාරණ මුදලක් සේවකයන්ටද ලබාදෙන ලෙස හෝ එසේ නොමැති නම්, සේවකයන්ට රැකියාවෙන් ඉවත්වීම සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස එසේත් නැතහොත් විකිණීමට පෙර තිබූ ආයතනයේ සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක වේ.
ඉල්ලීම් සම්බන්ධයෙන් සේවකයන් නියෝජනය කරමින් කණ්ඩායමක් සහ ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් කීපදෙනෙකු කොළඹ කම්කරු කාර්යාලයේදී (26 ) දින සාකච්ඡාවක් පැවතියද අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් නොලැබීමත් සමග සේවකයෝ නැවත ආයතනය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුහ.
මෙම ආයතනයේ වෘත්තීය සමිතියක් පවතින අතර එහි නිලධාරීන් විසින් සාමාජිකයන්ට අහිතකර ලෙස ඇතැම් තීන්දු තීරණ රැගෙන බහුතර සාමාජිකයන්ගේ එකඟතාවයකින් තොරව ක්‍රියාත්මක කිරීමට එරෙහිව ද මෙහිදී විරෝධය පළ කළහ.
විරෝධතා පුවරු අතැතිව පුරා පැය තුනකට වඩා වැඩි කාලයක් මෙම විරෝධතාවය පැවැත්විණි .



