කන්ටේනර් 323 පිළිබඳව තොරතුරු ඉල්ලා අපි අධිකරණයට යනවා – දයාසිරි ජයසේකර-

(යසංග මහාවිතාන)

රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබූ කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

මෙම බහාලුම් හා ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳව තොරතුරු ලබා දීම රජය විසින් සම්පූර්ණයෙන් නතර කර ඇතැයි ඒ මහතා චෝදනා කරයි. මෙම කන්ටේනර් 323 නිදහස් කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුළු රේගු සටහන් කරය ලබාගත හැකි එකම මාර්ගය අධිකරණ ක්‍රියාමාර්ගයක් බවද ඒ මහතා අවධාරණය කරයි.

මෙම කන්ටේනර් 323 රේගු පරීක්ෂාවකින් තොරව නිදහස්  කිරීමට හේතු මොනවාද ඒවායේ බහා තිබු භාණ්ඩ මොනවාද එම භාණ්ඩවලට සිදුවූයේ කුමක්ද යන්න කිසිවෙකු නොදන්නා බව මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

මෙය බරපතල වංචාවක් බවත් එය රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක පැහැදිලිව සඳහන් රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක පැහැදිලිව සඳහන් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියි.

වරායේ පවතින බහළුම් තදබදයට පිළියම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්කළ කමිටුව මගින් ජනාධිපතිවරයා සහ කමිටු සභාපති ප්‍රවාහන මහා මාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් බහාලූන් නිෂ්කාශන කඩිනම් කිරීම මෙම බහාලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට නියෝග කළ බව එහි දැක්වේ යයි මන්ත්‍රීවරයා පවසයි.

කන්ටේනර් නිදහස් කීමේදී රේගු බදු පැහැර හැරීම පිළිබඳව සෙවීමට, හොර බදු ඇල්ලීමට, කන්ටේනර් කඩා විවෘත කර බැලීමට, බදු එළියට ගිය විට පරීක්ෂණ කර සොයා බැලීමට රේගුවට අංශ 7ක් පමණ තියෙනවා. කන්ටේනර් 323 නිදහස් කිරීමේදී සොයා බැලීමට මේ අයට බලය දෙන්න තිබුණත් බිමල් රත්නායක ඇමතිවරයා එසේ කර නැහැ, ඒ නිසා මේ කන්ටේනර් 323 ගියා ගියාමයි වෙච්චි දෙයක් නෑ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමන් විනිවිද පදනම් රේගු දෙපාර්තමේන්තුවෙන් එම කන්ටේනර් 323  පිළිබඳව සටහන්කරයේ පිටපතක් ඉල්ලා  සිටි නමුත් පෞද්ගලිකත්වය හෙළිවීම (තොරතුරු දැනගැනීමේ පනතේ  5/ආ01 වගන්තිය ) පාදක කරගෙන තමන්ට ඒ තොරතුරු ලබා නොදුන් බවද ඔහු හෙළි කළේය

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රේගු සටහන්කරය අපට අවශ්‍යයි. රේගු සටහන්කරය ඉල්ලූ විට ශ්‍රී ලංකා රේගුව තොරතුරු දැන ගැනීමේ පනතේ 5/ආ/ 01 වගන්තිය අනුව පෞද්ගලිකත්වය මේකෙන් එළියට එන බව සටහන් කර තිබෙනවා. අපිට උවමනා කර තිබෙන්නේ ඒකම තමයි. මේක ගෙනාපු පුද්ගලයා කවුද? මොවුන් මේ භාණ්ඩ යැව්වේ කොතැනකටද මේවායේ තිබුනේ මොනවාද ගැහුවෙ මොනවද මේවා ලංකාවේ ගොඩබා තියෙනවද ඒවා ලංකාවේ පාවිච්චියට ගත්තාද කියා සෙවිය හැක්කේ රේගු සටහන් කරගෙන.

මේ ආණ්ඩුව රේගු සටහන්කරය දෙන්නැතිව මේක වහලා තියෙන්නේ. මේ කන්ටේනර් 323 දැවැන්ත හොරකමක්. මේ හොරකමට අවශ්‍ය කරන අනුමැතිය දුන්නේ බිමල් රත්නායක. රුපියල් ලක්ෂ පහට දයාසිරි ජයසේකරට වංචාකරුවෙක් කියනව නම් බිමල් රත්නායක මේ කන්ටේනර් 323න් දැවැන්ත අපරාධකරුවෙක් බවට පත්වෙනවා. මේ ආණ්ඩුව හැමදාම තියෙන් නෑ. මේ ආණ්ඩුව ඉවරවෙලා එන පළමුවන මොහොතේ මේ කන්ටේනර් 323 ගැන අපි අනිවාර්යෙන් හොයන බව මන්ත්‍රීවරු, ඇමතිවරු සහ මේවාට උදව් කරන රාජ්‍ය නිලධාරීන් මතක තබාගත යුතු යි.”  දයාසිරි ජයෙක් සේකර මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *