ප්‍රදේශ කිහිපයකට ධාරානිපාත වැසි.ප්‍රවේශම් වන්න.

චම්පිකා මුතුකුඩ

සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සිය කාලගුණ වාර්තාව මගින් අනාවැකි පළ කරයි .

 

බස්නාහිර, සබරගමුව සහ  වයඹ  පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ..  

 

බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය  හැක.

 

 දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ  වයඹ පළාත්වලත්  හම්බන්තොට, සහ  ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට  මන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය  හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *