(චම්පිකා මුතුකුඩ)
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවය.
මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලද්දේ සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමටය.
එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන්ගෙන් ඉදිරිපත් කිරීමට නියෝග කෙරුණු අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී .
