මහින්දානන්දට හා නලින් ප්‍රනාන්දුට තවත් චෝදනාවක්.

(යසංග මහවිතාන)

තවත් හිටපු අමාත්‍යවරුන්  දෙදෙනෙකු ඇතුළු විත්තිකරුවන්  තිදෙනෙකුට  නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබේ.

ඒ නලීන් ප්‍රනාන්දු , මහින්දානන්ද අළුත්ගමගේ යන හිටපු ඇමතිවරුන්ට  හා එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිවය.

නලින් ප්‍රනාන්දු එකල සතොස සභාපතිවරයා වූ අතර මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා විය

මෙම චෝදනා ගොනු කර ඇත්තේ සතොසට අයත් රුපියල් ලක්ෂ 390 ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙනි

ඔවුන් තිදෙනාට එල්ල වී ඇති චෝදනාව වනුයේ 2015 ජනාධිපතිවරණය සමයේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බෙදා හැරීම සදහා සතොස මුදල් රුපියල් ලක්ෂ 390 ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *