(හේවාහැට-චම්පික දසනායක)
මහනුවර නගරයට පිවිසෙන එක් ප්රධාන පිවිසුම් මාර්ගයක් වන අම්පිටිය තලාතුඔය මාර්ගයේ පදික මංතීරුව අවහිර වනසේ නිතර දෙවේලේ වාහන නවතා තැබීම හා වෙළදාවෙළදාම් කටයුතු සිදු කිරීම දැඩි අනාරක්ෂිත තතත්වයක් බව ජනතාව සඳහන් කරති
මහනුවර වැව රවුමෙන් මෙම මාර්ගයට පිවිසෙන රතු බෝක්කුව අසල සිට අම්පිටිය නගරය දක්වාත් එතැන් සිට තලාතුඔය නගරය දක්වාම මාර්ගයේ දෙපස ඉඩකඩ ඇති ස්ථාන ගණනාවක නිතර දෙවේලේ රථවාහන නවතා තැබීම හා මාර්ගය අවහිර වනසේ වෙළදාම් කටයුතු සිදුකිරීම නිසා මෙලෙස පදික මංතීරුව අවහිර වීමෙන් අනාරක්ෂිත තත්වය හටගෙන ඇති බව මාර්ගය භාවිතා කරන ජනතාව වැඩිදුරටත් සඳහන් කරති.
මහනුවර නගරයේ හා වැව රවුමේ ඇතිවන අධික රථවාහන තදබදයට එක් පිළියමක් ලෙස මීට වසර කිහිපයකට පෙර අම්පිටිය තලාතුඔය මාර්ගයේ දෙපස පුළුල් කොට කාර්පට් අතුරා සංවර්ධනය කරන ලද නමුත් මෙම අවහිර කිරීම් නිසා එහි ප්රතිලාභ ජනතාවට නොලැබී යන තත්වයට පත්ව තිබේ
විශේෂයෙන් මහනුවර වැව රවුමේ රතු බෝක්කුව අසල සිට අම්පිටිය බස්රථ නැවතුම දක්වාම දෙපස පදිංචි කරුවන් බොහෝ පිරිසකට තම පෞද්ගලික වාහන නවත්වා ගැනීමට සිය නිවාස පරිශ්රයන් තුල ඉඩකඩ නොමැතිවීම නිසා මෙලෙස මාර්ගයේ පදික වේදිකාවේ සිය වාහන නවතා තැබීම සිදුකරන අතර මාර්ගය අවහිර වන හදිසි අවස්ථාවකදී වාහනයක් ඉවතට ගෙන අවහිරතා මග හරවා ගැනීමට මෙමගින් නොහැකිවී ඇති බව රියදුරෝ සඳහන් කරති

