අපනයන කර්මාන්ත ශාලාවක දැවැන්ත විරෝධතාවක්

(විශේෂ වාර්තාකරුවෙක්)

වැලිගම  මිදිගම ප්‍රදේශයේ පිහිටි  රබර් ආශ්‍රිත  අපනයන කර්මාන්තශාලාවක   සේවකයන් පිරිසක්   එම ආයතනය ඉදිරිපිට ඊයේ (24 ) පස්වරුවේදී  දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.

මෙම ආයතනය  ප්‍රංශ සමාගමකට අයත් වන අතර එය  ඉන්දියන් සමාගමකට  පසුගියදා විකුණා  ඇති බව  කියැවේ.
මෙම ආයතනයේ වසර 35,  30 ,25 20 ආදී කාලයක් සේවය කළ බහුතරයක්  සිටින බවත් අනපේක්ෂිත ලෙස මෙම කර්මාන්ත ශාලාව වෙනත් සමාගමකට විකිණීමත් සමඟ සේවය කරන සේවකයන්ගේ රැකියාව  අවදානම් තත්ත්වයකට පත්වන බවත් එම සේවකයෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව  මෙම ආයතනය වෙනත් සමාගමට විකිණීම වෙනුවෙන්  සාධාරණ මුදලක්  ලබාදෙන ලෙසත්, එසේ නොමැති නම්  සේවයෙන් ඉවත්වීම සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙසත්,  එසේත් නොමැති නම්  විකිණීමට පෙර තිබූ ආයතනයේ සේවය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත්  ඉල්ලා සිටිමින්  සේවකයෝ ඉල්ලා සිටිති.
අනතුරුව කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව  මේ පිළිබඳව සාකච්ඡාවකට යොමු කර එකඟතාවයකට පැමිණෙනතුරු විරෝධතාවය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කොට තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *