(සංජීවනී පද්මසේන)
බැංකු ආරක්ෂක සංඥා පද්ධතිය නිසා බැංකුවක් කොල්ලකරුවන්ගෙන් අනූනමයෙන් බේරුණු පුවතක් ඉංගිරියෙන් වාර්තාවේ.
අද අලුයම ඉංගිරිය හඳපාන්ගොඩ මහජන බැංකු ශාඛාව මංකොල්ලකෑම සඳහා පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙකුගේ වෑයම බැංකුවේ ආරක්ෂක සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම නිසා වැළකී තිබේ.
අලුයම 1.45ට පමණ මහජන බැංකුව අසළ සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ගැවසෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට සහ බැංකු කලමණාකාරීත්වයට ඇමතීමක් ලැබී තිබුණි.
පසුව බැංකුවේ ප්‍රධාන දොරටුව දෙසින් ශබ්ද කිහිපයක් ඇසී ඇති අතර ඒ සමඟම බැංකුවේ සේප්පු සහිත කාමරයේ සංඥා නලාව නාද වීමට පටන් ගෙන ඇත.
පොලිසිය පැමිණෙන විටත් සැකකරුවන් පළා ගොස් තිබිණි. ප්‍රධාන දොර යතුරු කඩා දමා පිළිගැනීමේ කවුන්ටරය මතින් සේප්පු සහිත කාමරයට ඇතුළු වී ඇති අතර එහි ආරක්ෂිත කැමරා වයරයන් කපා දමා තිබුණි.
පොලිසිය පැමිණ වැඩිදුර පරීක්ෂා කිරීම් කිරීමේ දී බැංකුවට මීටර් 100ක පමණ නුදුරින් පිහිටි අත්හැර දැමූ පාළු නිවසක තිබී ගෑස් සිලින්ඩරයක් සහ වයර් කපන කටරයක් සොයාගෙන තිබේ.
මේ පිළිබඳව පොලිසිය මඟින් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරයි.


