තායි සටන් කලා ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් දිවයිනට 

 

(ලක්මිණි නදීෂා) 

07 වන ජාත්‍යන්තර තායි සටන් කළා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම  ජයග්‍රහණ රාශියක් සමගින් ඊයේ රාත්‍රියේ කටුනායකින් දිවයිනට සම්ප්‍රාප්ත වූහ

එම තරගාවලියේදී රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 10 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ශූරයෝ සමත් වූහ.

 මෙම තරගාවලිය ලෝකයේ රටවල් 50 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පසුගිය 17 දින සිට 22 දින දක්වා  පැවැත්වුණි. එය සංවිධානය කර තිබුණේ ජාත්‍යන්තර සහ තායිලන්ත මූයි තායි සටන් කළා සම්මේලන විසිනි.

 මෙම තරගාවලියේ දී ඒ.ඒ.සහ්ලාන්, සෂේන් කළුබෝවිල සහ එම්.ආර්.එම්.ශහල් යන ක්‍රීඩකයෝ රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.එසේම එම්.අයි.එම්.ඉමාම්, සන්දේශ් තීක්ෂණ, සන්සිළු දිනංජය සහ තිසර අංජන යන ක්‍රීඩකයන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි.

එමෙන්ම මෙම තරගාවලියේ දී කුමුදු ප්‍රසන්න, චමත් රාජපක්ෂ සහ රුසිරු රංගනාත් යන ක්‍රීඩකයන් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි.

ඔවුහු ඊයේ දින රාත්‍රී 10.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියෝ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *