දහම් පාසල් අවසාන විභාගය හා සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ  එකම දිනක යෙදුණු සිසුන්ට විශේෂ පණිවිඩයක්

(චම්පිකා මුතුකුඩ)

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බව එම නිවේදනයේ සඳහන් කොට තිබේ.

එම දිනය ලබා ගැනීම  සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක්  අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

එම ලේඛන ඉදිරිපත් කළ හැකි අවසාන දිනයේ ලබන අඟහරුවාදා  (27) බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *