(සුමේධ මුණසිංහ)
විජය, ගාමිණී, රවී,මාලනී
හතර දෙනාම සූරයෝ ,ලකී
අක්කර පහේ නිධානයකි.
එයා දැන් ලොකු ළමයෙකි…..
අහස් ගව්වෙන් බඹරු ඇවිත්
අපේක්ෂා මතක් වෙනවා තවත්
හිතුවොත් හිතුවමයි ,බැද්දේගමත්
තවම තරුණයි මාලනී අදත්…..
එක්ටැම් ගෙයකිි ,තුෂාරා
ආකාස කුසුමකි වාසනා
සිරිමැදුර අතහැර නොයා
නවතින්න සසර චේතනා…..
කස්තුරි සුවඳක් වගේ වියැකිලා
එපා නෑවිත් ඉන්න උමයංගනා
සොල්දාදු උන්නැහෙත් මතක් කර ගියා
ආයෙත් ඇවිත් යන්න ආරාධනා…..
දහසක් සිතිවිලි සිතම කිතිකවා
සදහටම ඔබ මගේ මාලනී ඔයා
මිහිඳුම් සිහින සළුතිර ඉරා
සිංහල සිනමාවෙ භාගයක් එයා….
