(චම්පිකා මුතුකුඩ)
කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී තවත් ලංගම බස් රථයක් අනතුරට පත්ව ඇත.
මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුව ඇත්තේ අද (24) අලුයම 2.45 ට පමණය.
මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා ඇත.
තුවාලකරුවන් තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එක් මගියෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
