(බුද්ධික වීරසිංහ)
හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම සිය දිවිසැරිය නිම කළාය.
ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මිය යන විට මාලනී ෆොන්සේකා මහත්මිය හැත්තෑ හයවන වියෙහි පසු වූවාය.
ඇය.1949 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලද්දීය.
1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ,බවත් සිනමා වරම් ලැබුවේ 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටයෙනි.
1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, ජනප්‍රියතම නිළිය,හොඳම නිළිය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.මාලනී ෆොන්සේකා නොමැති සම්මාන උළෙලක් නොමැති වන තරමට මාලනී සිනමාවට නැතිවම බැරි චරිතයක් විය.
මාලනීගේ රංගන ප්රතිභාවය එළිදැක්වුණු නිර්මාණ ලෙස නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට දැක්විය හැක.
2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළාය.
කලක් තිස්සේ රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම සිය රංගන දිවිය මෙන්ම ජීවිත ගමනද නිමාකළාය.
හෙළයේ අග ගණනයේ සිනමා ශිල්පිනිය වූ මාලනයේ පොන්සේකා මහත්මයට පූත්තෙල්කේ අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

– 221 Readers