සමන් පෙරේරා
පොසොන් පුන් පසළොස්වක පොහෝ දින නිමිති කොටගෙන පවත්වනු ලබන 46 වෙනි සති පිරිත් පිංකම ජුනි මස 06 වන දින සිට14 දින දක්වා පැවැත්වීමට සති පිරිත් පිංකම් සංවිධාන කමිටුව තීරණය කරයි.
ඒ සදහා වු සාකච්ජාවක් පසුගිය දා
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස් දිසානායක මහතාගේ මුලිකත්වයෙන්, බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි.
ඒ අති ගෞරවණීය අටමස්ථානාධිපති නායක ස්වාමීන්වහන්සේගේ අවවාද අනුශාසනා මත හොරොව්පොතාන අඹගස්වැව පුරාණ රාජමහ විහාරාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ හුරුළුගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අඹගස්වැව ඉන්ද්‍රජෝති නායක ස්වාමීන් වහන්සේගේ හා විහාර වාසී පූජ්‍ය කිරින්දේ ඤාණදර්ශන, පූජ්‍ය මේධංකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයේ අවවාද අනුශාසනා මතයි.
මෙවර පළමු දිනය වශයෙන් ජුනි 6 වනදා සවස පැන් පෙරහැර ඉසුරුමුණි විහාරයේ සිට මහා විහාරයට පැමිණ අනතුරුව රුවන්වැලි මහා සෑයට ගමන්කරයි. පසුව මහ මෙව්නා උයනට පැමිණ එහි සකසන ලද පිරිත් මණ්ඩපයේ දි පිරිත් පේ කිරිම සිදු කෙරේ.
ජුනි 07 දින අළුයම පිරිත් දේශනය ආරම්භ වේ.12 වන දින තල්පත පේ කිරිම සිදු කරන අතර 13 වන දින දේවදුත පෙරහැර, දොරකඩ අස්න දේශනය සිදු කිරිමට නියමිත ය.14 දින දහවල් දානයෙන් පිංකමේ කටයුතු අවසන්වීමට නියමිතයි.
මෙම සාකච්ඡාව සදහා මධ්‍යම නුවරගම් පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් සංජය ලක්මාල් මහතා ඇතුලු සති පිරිත් කමිටුවේ නිලධාරින්, මුල්‍ය ආයතන නිලධාරින්, ආරක්ෂක අංශ, පොලිසියේ නිලධාරින්, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී චානක පීරිස්, පූජා භූමි සංවර්ධන නිලධාරී ධනුෂ්ක ප්‍රශාන් , පෞද්ගලික අංශයේ නිලධාරීන් හා දායක කාරකාදින් ඇතුලු පිරිසක් එක් වී සිටියහ.


