ඇඟලුම් කම්හලක් ගින්නෙන් විනාශ වෙයි

(වැලිගම  තරංග) 

වැලිගම  උඩුකාව ප්‍රදේශයේ  ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (23 )  අළුයම ගින්නක් හට ගෙන  තිබු බව වැලිගම  පොලිසිය පවසයි .

වැලිගම  උඩුකාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  නිමිඇදුම් අපනයන ඇඟලුම් කර්මාන්ත ශාලාවක  ⁣අද අළුයම කාලයේ මෙම ගින්න හටගෙන තිබිණි .
සිද්දිය පිළිබඳව  තොරතුරු සැලවීමත් සමග  වැලිගම  මුලස්ථාන පොලිසිය  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ  උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මකව තිබිණි  අනතුරුව මාතර  නගර සභාවෙි ගිනි නිවීමේ රථ පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කෙරිණි.
ගින්න  පැතිර යාම  වළක්වා ගැනීමට කටයුතු කළද ඇඟලුම් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර ඇතුළු දේපල වලට බරපතල හානි සිදුව තිබේ.
කෙසේ වුවද  ගින්න ඇතිවන අවස්ථාව වන විට   කිසිදු සේවකයෙකු  නොසිටි  බවද  කළමනාකාරීත්වය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම  පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාගේ උපදෙස් මත  ස්ථානීය  පරීක්ෂණ නිලධාරීන් ( සොකෝ) ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක්   පරීක්ෂණ මෙහෙයවති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *