(චම්පිකා මුතුකුඩ
ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු දෙකක් වාර්තාගත ලාභයක් වාර්තා කර ඇති බව කියැවේ.
මෙසේ ලාභයක් වාර්තා කර ඇත්තේ ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි.
අද (22) එම බැංකු වල 2024 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායකමහතා වෙත පිළිගන්වනු ලැබිණ.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් එම වාර්තා ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබා ගත් ඉහළම ලාභය ලෙස ලංකා බැංකුව බදු ගෙවීමට පෙර 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙහිදී සඳහන් කළේය.එය ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් භෝ බැංකුවක් ලබා ඇති ඉහළම ලාභය බව පැවසේ.
2023 වසරේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලැබු රුපියල් බිලියන 4.2ක ලාභය 2024 වසර වන විට රුපියල් බිලියන 26.4ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාද සඳහන් කළේය.,

