වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපති අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට.

(වවුනියාව මාධව කුලසූරිය)

වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ (21) සවස අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි.

වවුනියාව ආරක්ෂක අංශ පැවසූවේ ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිළධාරීන් ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *