නිරිතදිග මෝසම සක්‍රීය වීමෙන් අදත් ගිගුරුම් සහිත වැසි.

(බුද්ධික වීරසිංහ )

බස්නාහිර, සබරගමුව, වයඹ ස මධ්‍යම පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි  කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන 5.30 ට නිකුත් කර වාර්තාවට අනුව උතුරු-මැද පළාහත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වන අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *