රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට

(ලක්මිණි නදීෂා) 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(21) අල්ලස් කොමිසමේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ ඔහුගේ පියා වන කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ දූෂණ නඩුවක සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල නම් කිරීමට අවසර ලබා දුන්නාය.

ඊයේ අධිකරණය විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2025 ජුනි 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

දූෂණ සම්බන්ධ පැමිණිලි 03 ක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මීට පෙර අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *